(1969 දී තරුණ ජූඩ් ක්රැන්ඩල් සහ ඔහුගේ ළමා කාලයේ මිතුරන් ඔවුන්ගේ උපන් ගම වන ලුඩ්ලෝව ග්රහණය කරගෙන ඇති පුරාණ නපුරකට මුහුණ දීම සඳහා එකට එකතු වෙති.)
Horror සලරුවක් අරගෙන ආවා ඕන්. නම දැක්කම පේනවනේ අද අරගෙන ඇවිත් තියෙන්නේ මොකක්ද කියලා. අද්භූත නවකතා රජු ලෙස හඳුන්වන ස්ටීවන් කිං මහත්මයගේ නවකතාවක් ඇසුරින් නිපදවපු චිත්රපටයක තවත් දිගුවක් විදියට මේ Pet Sematary: Bloodlines චිත්රපටය හදුන්වන්න පුළුවන්. 1989 දී තමයි Pet Sematary නවකතාව ඇසුරින් පළවෙනි ෆිල්ම් එක නිකුත් වෙන්නේ. ඊට වසර තුනකට පසු එහි දෙවෙනි කොටසකුත් නිකුත් වෙලා තිබෙනවා. පළමු චිත්රපටයේ නැවත නිර්මාණයක් විදියට 2019දිත් තවත් චිත්රපටයක් නිර්මාණය වෙනවා. නමුත් මේ චිත්රපටය නිර්මාණය වෙන්නේ රීබූට් එකක් විදියට නෙමෙයි 2019 චිත්රපටයට අදාල ප්රීකුවල් එකක් විදියට තමයි. සුරතල් සුසාන භුමීයේ අපි නොදන්න ආරම්භක කතාව මේ සලරුවෙන් අපට දැනගන්න පුළුවන්.
චිත්රපටය මේ වෙද්දි 68%ක ගූගල් පරිශීලක කැමත්ත සහ 5.0ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Horror / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්රපටය අධ්යක්ෂනය කරලා තියෙන්නේ Lindsey Beer විසින්. රංගනයෙන් දායක වෙන අය අතර X-Files කතාමාලාවේ ෆොක්ස් මෝල්ඩර් ලෙස අපි හැමෝම ආදරය කල David Duchovny බිල් ලෙසත්, Jackson White නොර්මා ලෙසත්, Natalie Alyn Lind ජඩ් ලෙසත්, Jack Mulherm ටොමී ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. කතාව ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කලින් චිත්රපට දෙක නැරඹුවනම් ඔයාලා දන්නවා ඇති සුරතල් සුසාන භූමීය කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඒ ගැන ලස්සන ලිපියක් Pet Sematary (2019) චිත්රපටයේ රවිදු සහෝ දීලා තියෙනවා. මේ චිත්රපටයේ තියෙන්නේ 2019 ෆිල්ම් එකේ සිදුවීම් වලට කලින් 1969 වසරේ සිදුවුන සිද්ධියක් පිළිබඳවයි. ඒ නිසා කලින් මේ චිත්රපට බලලා නැති කෙනෙක් ඉන්නවනම් මේ ෆිල්ම් එක බලලා අනිත් ෆිල්ම් බැලුවට කමක් නෑ කියලත් මතක් කරන්න ඕන.
🔽 ඩවුන්ලෝඩ් කරගැනීමට 🔽
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Download Original HD Video Link 👇
Download Original HD Video 480P Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅






