Description
මම ගොඩක් සතුටු වෙනවා බයිස්කෝප් එක වෙනුවෙන් උපසිරසක් හදන්න පුලුවන් වීම ගැන. උපසිරස හදන විදිය ගැන කියල දුන්න ඇඩ්මින් අයියටත්, නිහඬවම ලොකු සහයක් දුන්න යසිදු රන්දිල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසිය. ඒ නිසා අඩුපාඩු කමක් තියනවනම් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා.
කථාව ගැන කිව්වොත් නම් ගොඩක් අයට නම අහනකොටම කතාව මතක් වේවි. ඒත් බලපු නැති කට්ටියට පොඩි විස්තරයක් කියන්නම්. කතාව ගලා ගෙන යන්නේ පියාගේ මරණයේ වගකීම තම කර මතට පැටවෙන දස්තාන් නම් කුමරුත්, දස්තාන් නිසා තම රාජ්යා අහිමිව යන තමීනා කුමරියත්, කාලය පාලනය කල හැකි ආයුධයකින් ලෝකයට විය හැකි විනාශය වලක්වා ගැනීමට දරන උත්සාහය මතයි. ඒ වගේම මේ කතාව මෙහි පරිගණක ක්රීඩාවට වඩා ගොඩක් වෙනස්. මේ කතාවට IMDB එකේ 6.6 වැනි අගයක් ලබා ගෙන තියනවා. ඉතින් මේක බලපු කට්ටියයි නොබලපු කට්ටිය දෙගොල්ලම මේක බලලම ඉන්න.
මීට පෙර මංගල සුබසිංහ(KOK) සොහොයුරා විසින් පළ කළ ලිපිය.
ගොඩක් අය ඉල්ලපු බයිස්කොප් එකක් අද දෙන්න හිතුණෙ. මේකේ හොඳ කොපියක් නිකුත් වුණා විතරයි. ඒ නිසා මමත් අපු ගමන්ම බෑවා, බැලුවා. ෆිල්ම් එක නිකුත්වෙලා නම් ටිකක් කල්. මාස 3ක් බලන් ඉන්න වුණා හොඳ කොපියක් එන්න. ඒත් වගකිමෙන් යුතුව කියනවා මේ කොපියේ තත්වය වගෙම බයිස්කොප් එකෙ තත්වයත් හොදයි. 6.9 තරම් IMDB අගයක් ලබා තියනවා වගේම මේකේ ජනප්රියතාවයට මුලිකවම බලපා ඇත්තෙ පරිගණක ක්රිඩාව තමයි. මේකේ නම විදියට යොදාගෙන තියෙන්නෙත් පරිගණක ක්රිඩාවෙ දෙවන පියවර වන, Sands of time යන්නයි. නමුත් පරිගණක ක්රිඩාවට බොහො සෙයින් වෙනස් වුණු කතාවක් මෙහි දක්නට ලැබෙනවා. එනම් පරිගණක ක්රිඩාවෙ විරුද්ධවාදියා මන්ත්රකාරයෙක් වන අතර මෙහි ඩස්ටන්ගෙ විරුද්ධවාදියා වන්නේ ඔහුගෙම සහොදරයන් විමයි.
මෙහි කතාව ගලා යන්නේ තම පියරජුගෙ මරණය තම පිටට පැටවන, අනාගත රජ පෙළපතෙ උරුමක්කාරයා ලෙස නම් කෙරුණු ඩස්ටන් වටායි. ඔහු කාලය ආපස්සට යැවිය හැකි අනාගත උරුමයක් සොයා යයි. ඔහුගෙ ඇති රණශුර හැකියාව මෙන්ම තමිනා නම් කුමාරිකාවගේ උදව්ද මොහුට ලැබෙන වාර ගණන අප්රමාණයි.
මෙයට නවක සුරුපි නිළි Gemma Arterton රංගනයෙන් දායක වෙනවා. ඇත්තෙන්ම ඇය එච්චරම නවකත් නැහැ, මොකද ඇය මේ වන විට James Bond හි මෙන්ම Clash of Titans හිද ප්රධාන චරිත වලට පණ පොවා තිබෙනවා. නමුත් අලුත් රංගන ශිල්පියා නම් අපිට බොහොම පුරුදුයි. ඒ මොකද ඔහු නමින් Jake Gyllenhaal. මතකනෙ Brothers හා Zodiac. මෙ ඔහුගෙ නිර්මාණ දායකත්වෙයෙන් ඔබ දන්න කිපයක් පමණයි.
මෙහි පසුතල දර්ශන විශාල ප්රමාණයක් ඊජිප්තුවෙදි මෙන්ම Walt Disney සතු චිත්රගාරය තුළයි නිර්මාණය වෙලා තියෙන්නේ. සුපිරියි, ඉතා විශිෂ්ටයි. බාලම බලන්න.




