Description
ඔන්න යාලුවනේ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙච්ච America Pie කථා මාලාවේ පළවෙනි කථාව තමයි මේ… ඉතින් මම ගිය පාර මේ කථාමාලාවේ 4 වෙනි කොටස දුන්නට පස්සේ හැමෝම කිවුවා මේක මුල ඉදන් දෙන්න කියලා. තව මගේ පළවෙනි උපසිරසි සැපයුමට ඔයගොල්ලන්ගෙන් ලැබිච්ච කමෙන්ට් නිසා මම මේකට ගොඩක් ආසාවෙන් උපසිරසි දැම්මා…
මේ කථාව ගැන විස්තර ටිකක් කිවුවොත් මේක IMDB වල 7.0 අගයක් ලබාගෙන් තියෙනවා. ඒකෙන් ඔයාලට හිතාගන්න පුලුවන් මේ කථාව ගැන. තව මේ කථාව ජයග්රහහණ 9 කුත් නාමයෝජනා 14 කුත් ලබාගෙන තියෙනවා…
ඉතින් මේ කථාවේ නම් පොඩ්ඩක් යෞවනයන්ට ගැලපෙන කථා තේමාවක් තමයි යන්නේ. පැහැදිලිව කිව්වොත් මේ කථාවේ ගැලපෙන්නේ 18+ අයට තමයි. ඇත්තටම මේ කොමඩි කථාව පරිස්සමින් බලලා අපිට ගන්න පුලුවන් හොඳ දෙයක් තියෙනවනම් ඒ දේ විතරක් ගන්න කියලා මම කියනවා. ඔන්න මම කථාව කියන්නම්…
කොල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. එයාලා තමයි ජිම්, කෙවින්, ඕස්, ශින්ච් කියන 4 දෙනා. මේගොල්ලෝ ගැන හැඳින්වුවොත්, මේ ගොල්ල අර වැඩේට ආධුනිකයි (අර වැඩේ කට්ටිය දන්නවා ඇතිනේ)… ඉතින් මේ අස්සේ මේගොල්ලෝ ආධුනිකයෝ නිසා ඉස්කෝලේ මාරට චාටර් වෙනවා. තව ස්ටිශ්ල(ර්) කියලා හාදයකුත් ඉන්නවා. මම කලින් කථාවෙ කිවුවා වගේ ඌ තමයි ඉස්කෝලෙන්ම වනචරම එකා. අරුන්ගේ අවාසනාවටද කොහෙද මේ ස්ටිශ්ල(ර්) කාරයත් ඉන්නේ අර අහිංසකයො 4 දෙනාත් එක්ක. ඉතින් මේ කොල්ලෝ 4 දෙනා [ස්ටිශ්ල(ර්) ඇර] එකඟතාවයකට එනවා කොහොම හරි තමන්ගේ ආධුනික බව නැති කරගන්නවා තියලා. ඇත්තටම මේ ගොල්ලොන්ට ඕන ජ්‍යෙෂ්ඨයන්ගේ අවසන් රාත්‍රියට සුපිරි වැඩ කාරයෝ වගේ ඉන්න. ඉතින් මේ කථාවේ තියෙන්නේ උන් ඒ වෙනුවෙන් කරන පිස්සු වැඩ, උන්ට සෙටි වෙන කෙල්ලෝ, උන් කෙල්ලෝ එක්ක කරන ඒවා, උන් ඉස්කෝලෙන් චාටර් කන හැටි, උන්ට ගෙදරින් තියෙන අවුල්, ඇත්ත ආදරයක පැටලෙන වගේ සීන් තමයි මේ කථාව පුරාම දිවයන්නේ. ඒක තමයි කලින්නුත් කිවුවේ යෞවනවන් බැලුවොත් හොදා කියලා….
තව කථාකරොත් මේක මගේ 2 වෙනි උපසිරැසි නිර්මාණය. මගේ කලින් කථාවට ඔයගොල්ලන්ගෙන් නියම ප්‍රතිචාර හම්බවුණා. මම කලිනුත් කිව්වා වගේ ඒක හින්දා තමයි මම මේ වැඩේ මෙච්චර සතුටින් කරේ. ඒ වගේම මම ආයිත් කියනවා “අනේ ප්ලීස් මේකටත් මට බැනලා හරි කොමෙන්ටුවක් දාන්න කියලා“… එහෙනම් American Pie 2 එකෙන් ආයි හමුවෙමු. ආහ්…එහෙනම් ජයවේවා…….
IMDb Rating7 449,138 votes
TMDb Rating6.587 7,784 votes
HD 1080p
HD 720p




