මේ ප්‍රබන්ධ කතාව ගෙතෙන්නේ ගැඹුරු පොකුණක වසර දහස් ගණනක තපසක් සම්පූර්ණ කරලා ස්වර්ගයට යන්න ආසන්නව සිටි මකරෙක් වටායි. ඒ මකරා තපස සම්පූර්ණ කරලා ස්වර්ගයට යනකොට ඒ ගමන පොළොවෙ ඉන්න මිනිස් දුවක් දකිනවා. මේ හේතුව නිසා ඒ මකරට ස්වර්ගයට යන්න බැරිව ඉමෝගි කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ඉමෝගියට ඒ මිනිස්සු “ගංචෝරි” කියලා තමයි හැඳුන්වුවේ.
යෝ-රි, එහෙමත් නැත්තම් ඒ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය, ගමේ ඉන්න යකැදුරුවරියකගේ මිණිබිරියක්. එයාට යකැදුරුවරියක්ට ලැබෙන දිව්‍යමය තෑග්ගක් ලැබිලා තිබ්බත් එයා ඒ ඉරණම පිළිගන්නෙ නැතුව කණ්ණාඩි ශිල්පිනියක් විදිහට ජීවිතේ ගෙවන්න තීරණය කරනවා. ඉතින් මේ ඉමෝගියට ආයෙත් ස්වර්ගයට යන්න යෝ-රීගේ ශරීරය ඕන වුණත් යෝ-රි ඒකට ඉඩ දෙන්නෙ නැහැ.
යුන්-ගප් එහෙමත් නැත්තම් මේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය, මාලිගාවේ සේවය කරන කඩවසම් හොඳ නමක් තියෙන තරුණයෙක්. යුන්-ගප් වගේම යෝ-රි පොඩි කාලේ එකම ගමේ ජීවත් වුණත් යුන්-ගප් පොඩි කාලෙම අගනුවරට ගියපු නිසා මේ දෙන්නා පොඩි කාලෙම වෙන් වෙනවා. දවසක් මේ දෙන්නා මෙයාලගේ ගමේදි ආපහු හම්බෙලා යුන්-ගප් යටි අරමුණකින් යෝ-රිව රජතුමාට කණ්ණාඩි යුගලක් හදලා දෙන්න කියලා මාලිගාවට එක්කගෙන යනවා. ඉතින් මෙයාලා මාලිගාවට යන අතරතුරදි යුන්-ගප්ට අනතුරක් වෙලා එයා මැරෙනවා. ඉතින් එයාගේ ශරීරයට මේ ඉමෝගි එහෙමත් නැත්තම් ගංචෝරි ඇතුලු වෙනවා.
මේ ගංචෝරි යුන්-ගප්ගේ ශරීරයට ඇතුළු වෙලා මොනවා කරයිද?
මාලිගාවේ මොන වගේ අත්භූත සිදුවීමක් සිද්ධ වෙන නිසාද යුන්-ගප්, යෝ-රීව මාලිගාවට එක්කගෙන යන්න හදන්නේ?
යෝ-රිව මාලිගාවට එක්කගෙන ගියේ මොකටද කියලා යෝ-රි දැනගනීද?
යෝ-රි එයාගේ යකැදුරු ඉරණම පිළිගනීද?
ඉතින් මේ ටික දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා. මොකද මේක හරිම ලස්සන කුතුහලයක් තියෙන ටිකක් විතර අත්භූත කතාවක්. හොල්මන් චරිතත් ටිකක් තියෙන නිසා පොඩි දේටත් බය වෙන අය රෑට නොබලා ඉන්නවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. ඉතින් මේ කතාව සිංහල උපසිරැසි එක්ක බලලා මේ කතාව රසවිඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
📌 Episode InfoSeason 01 (Incomplete) ❌
Episode 01-02 ✅
Episode 03-16 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ📌 TMDb Rating6.7 3 votesFirst air dateApr. 18, 2025Last air dateApr. 19, 2025EpisodesS01 EP01-02
🔽 ඩවුන්ලෝඩ් කරගැනීමට 🔽
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Download Original HD Video Link 👇
Download Original HD Video Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅


