Revolutionary Road (2008) | පවුල් ප්රශ්න | 18+

දරුවෙක් කියන්නේ පවුලක වාසනාවට ලැබෙන දෙයක්, කියලා පරණ කාලේ මිනිස්සු කියනවා. ඒ දරුවව ආදරෙන් ඇති දැඩි කරන එක දෙමව්පියන්ගේ වගකීම. ඒ වගේම, ඒ දරුව මේ ලෝකෙට එන්නේ ඒ දරුවගේ ඕන කමට නෙවෙයි. අම්මගෙයි තාත්තගෙයි උවමනාවට. ඒ නිසා දරුවෙක් කියන්නේ දෙමව්පියන්ගේ වගකීමක්. ඒ දේ විනාස කරන්න තරම් හිතක් හයිය වෙන්නේ කොහොම ද කියලා මට හිතා ගන්න බෑ. ඒ තමන්ගේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. මේ ලෝකේ එළිය දැක්කා හෝ නො දැක්කා, ගබ්සාවක් කියන්නේ මිනීමැරුමක් කියලයි මට හිතෙන්නේ. ඒ මගේ පුද්ගලික මතය. මං මොකද මේ ගබ්සාවක් ගැන කියන්නේ කියලා තේරෙයි, මේ චිත්රපටිය බැලුවම. ඊට වඩා මං මේ චිත්රපටිය ගැන කියන්න යන්නේ නෑ.
මේ ෆිල්ම් එක IMDB එකේ 7.3ක් වගේ අගයක් තමයි අරන් තියෙන්නේ. ෆිල්ම් එකේ හැටියට ඒ මදිත් නෑ කියල මට හිතෙනවා. අනිත් අයගේ ප්රශ්න තමන්ගේ පවුල ඇතුලට නොගෙන, තම තමන්ගේ පවුල් ජීවිත ලස්සන කරගන්න හැමෝටම වාසනාව වගේම ආත්ම විශ්වාසයත් ඇති වෙන්න කියලා මං ප්රාර්ථනා කරනවා.



